Press "Enter" to skip to content

ෆේස්බුක් ගිණුම් හැක් කරනා මහා පරිමාණ ජාවාරමක් ශ්‍රී ලංකාවේ

මේ දිනවල ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් සීග්‍රයෙන් සොරා ගන්නා (හැක් කරනා) වංචාවක් සිදුවෙමින් පවතී.

මෙය සිදුවන්නේ ඔබගේ ලඟම මිතුරෙකුගේ, පවුලේ සමාජිකයෙකුගේ, ඥාතියෙකුගේ ආදි සමීපතමයෙකුගේ ෆේස්බුක් ගිණුමෙන් එවනා පණිවිඩයකිනි.

මෙම පණිවිඩයේ දැක්වෙන්නේ යම් කිසි වෙබ් ලිපිනයකිනි (URL / LINK) . ඉන්පසුව මෙම එවූ වෙබ් ලිපිනයට පිවිසෙන ලෙසට (ක්ලික් කරනා ලෙසට) එවනා පුද්ගලයා විසින් පණිවිඩයකින් කියා සිටියි.

එම වෙබ් ලිපිනය ක්ලික් කළ පසු ෆේස්බුක් වෙබ් අඩවියට සමාන අතුරු මුහුණතක් තිරයේ දිස් වන අතර, එහි ෆේස්බුක් ලොගින් තොරතුරු සටහන් කළ පසු ඔබගේ ගිණුම හැකරුන්ගේ පාලනයට නතුවේ.

ඉන්පසුව මෙලෙසට සොරා ගත් ඔබගේ (හැක් වූ) ගිණුමෙන්ද මෙම හැකරුන් කණ්ඩායම අදාල වෙබ් ලිපිනය එම ගිණුමේ මිතුරු ලයිස්තුවට බෙදා හරියි. එම ගිණුම හැක් වී ඇති බව නොදන්නා බොහෝ දෙනෙක් ඒ සිය මිතුරා විසින් එවූ ෆේස්බුක් පණිවිඩයක් යැයි සිතා එම වෙබ් ලිපිනය ක්ලික් කර, සිය තොරතුරු ඇතුලත් කරමින් තමන්ගේ ගිණුමද හැක් කරගනියි.

මෙය මෙලෙසට රැල්ලක් ලෙසට ගිණුමෙන් ගිණුමට ගමන් කරමින් ඉතා සීග්‍රයෙන් මෙරට ෆේස්බුක් පාරිශීලකයන්ගේ ෆේස්බුක් ගිණුම් හැක් වෙමින් තිබේ.