Press "Enter" to skip to content

ඇමති ප්‍රසන්නගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි බවට පැවසෙන තිදෙනකුට අද 25 සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තරංග නැමැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් එහිදී ඔහු සමඟ රැඳී සිටි දෙදෙනාටද වෙඩි වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කැළණිය පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් බාරයේ සිට 2021 වසරේ දී අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු බවට ද තොරතුරු හෙළිවී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ රැස්වීමට යෑමට ඔහුගේ මිතුරන් දෙදෙනකු සහ තවත් කිහිප දෙනකු එනතෙක් එන තෙක් රැඳී සිටි අතරවාරයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ දිවි බේරා ගැනීම සඳහා දිව යද්දී පසුපස පන්නාගෙන ආ වෙඩික්කරුවන් යළි යළිත් වෙඩි තබා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

හිස් උණ්ඩ පහළොවක් පමණ අවට විසිරී තිබී පොලිසියට හමුවී ඇත.

එක් අයකු දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට වසර කිහිපයකට පමණ ඉහත දී බිරිඳ සහ දරුවන් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට තිබේ.

මොහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කියන රැස්වීමට සහභාගිවීමට යාමට දිප්පිටිගොඩ ප්‍රදේශයට පැමිණ සිට ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගිය අය ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නොමැත.

source – lankadeepa.k

More from PoliticalMore posts in Political »