Press "Enter" to skip to content

නිධානයක් ගන්න දැරියක් බිලිදී ඇතැයි සැකයක්

නිධානයක් ගොඩගැනීමට දැරියක් බිලිදී ඇතැයි ඇතිවූ සැකයක් මත පුත්තලම මදුරංකුලිය ප්‍රදේශයේ අද (05) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

එහිදී ප්‍රදේශවාසින් අදාළ ඉඩම පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී එම ඉඩමේ කපා තිබු වළක තිබී ගැහැණු දරුවෙකුගේ යැයි සිතිය හැකි ඇඳුම් කිහිපයක් ද හමුවී තිබේ.

මෙට සිදුව ඇත්තේ පුත්තලම මදුරංකුලියේ ගින්නවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකය.

පසුව අද පෙරවරුවේ මදුරංකුලිය පොලීසිය විසින් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ පසුගිය දිනවල මෙම ඉඩම අසල දකින්නට සිටි වැඩිහිටි කාන්තාවක් සහ කුඩා ගැහැණු දරුවෙකු මෙම සිදුවීමත් සමඟ අතුරුදහන් වී ඇති බවය.

මේ අතර නිධන් කැණීම සිදුකළ බවට සැකකෙරෙන වළ තුළ පිරී තිබූ ජලය ඉවත් කරමින් දැරිය පිළිබඳ තොරතුරක් සෙවීමට ද ප්‍රදේශවාසින් පියවර ගෙන තිබුණි.

-aruna.lk