Press "Enter" to skip to content

අනුරට ජනතා හිතකරත්ව තවදුරටත් ඉහළට

2024 ජනවාරි මාසකේ දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි හිතකරත්ව ශ්‍රේණිගත කිරීමේ වර්ධනයක් ඇති බවත් අනෙකුත් පක්ෂ නායකයන් කෙරෙහි ජනතාවගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම පහත වැටීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

කෙසේ වෙතත් ජනවාරි මාසය තුළද සියලුම පක්ෂ නායකයන් කෙරෙහි ජනතාවගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම තවදුරටත් සෘණාත්මක ශ්‍රේණිගත කිරීමක පවතන බවද එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජාතික ජනබලවේගය / ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතාගේ සමස්ත හිතකරත්ව ශ්‍රේණිගත කිරීම ලකුණු 12කින් ඉහළ ගොස් සෘණ 10ට ළගා වී තිබේ. එසේම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙන්ම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතකරත්වය ලකුණු 9 බැගින් තවදුරටත් පහත වැටී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාටම පිළිවෙළින් සෘණාත්මක ලකුණු 53ක් හා 77ක් ලෙස සටහන්ව තිබේ.

source – ada.lk

More from PoliticalMore posts in Political »