Press "Enter" to skip to content

ඉන්ධන මිල සංශෝධනය කෙරේ: නව මිල ගණන් මෙන්න

අද (මැයි 31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318ක් දක්වා පහළ යනු ඇත.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 20 කින් මිළ ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385ක් දක්වා ඉහළ යයි.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 10කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 340ක් දක්වා ඉහළ යනු ඇත.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් පහළ දමා ඇති තර එහි නව මිල රුපියල් 245ක් දක්වා පහළ යනු ඇත.

තව ද ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින් පහළ දමා තිබේ.

ඒ අනුව, ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270ක් දක්වා පහළ යයි.