Press "Enter" to skip to content

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමකින් මරුට: නිවසේදීම සිදු වූ අනතුරක්

එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම වනජීවි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුද වන පාලිත තෙවරප්පෙරුම මහතා මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඔහු විදුලි සැර වැදීමකින් මියගොස් ඇති බවයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙම විදුලි සැර වැදීම සිදුව ඇති අතර, පසුව ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ වනවිට තෙවරප්පෙරුම මහතාගේ දේහය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.

More from PoliticalMore posts in Political »