Press "Enter" to skip to content

ඉල්ලා අස්වෙන්නෙත් නෑ.. ඉල්ලා අස්වෙන්න කියලත් නෑ..

තමා ඉල්ලා අස්වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, එය රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බවත්, එවැනි යෝජනාවක් හෝ සාකච්ඡාවක් සිදුව නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සිය මන්ත්‍රීවරුන්ගෙන් සහය ඉල්ලා සිටි බව, නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ ය.

මේ අතර මැතිවරණයට නාම යෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් ලබන 03 වැනිදා මැතිවරණ කොමිසම සිදු කරන ප්‍රකාශයෙන් අනතුරුව තීරණය කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ය.

සිරස

More from PoliticalMore posts in Political »