මිනිත්තු තුනකදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින් ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.
ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණේ ඔහුගේ රසික රසිකාවියන් සමගය. ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Selfiee සිනමාපටයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරය.
මිනිත්තු 3ක් තුළ වැඩිම සෙල්ෆි ඡායාරූප ප්‍රමාණයක් ගත් පුද්ගලයා ලෙස දැන් ආක්ෂේ ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටියි. ඔහුගේ Selfiee චිත්‍රපටය අද (24 වැනිදා) සිට තිරගත වෙයි.
මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඇමරිකානු ජාතිකයෙකි. ජේම්ස් ස්මිත් නමැති ඔහු විනාඩි 3ක් තුළ සෙල්ෆි ඡායාරූප 168ක් ගෙන තිබිණි.
ඒ Carnival Dream නමැති සුඛෝපභෝගී මගී නෞකාවක් තුළය. ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ 2018 වසරේය.
ආක්ෂේ වාර්තාව පිහිටු වූ අවස්ථාවේ මෙතෙක් කලක් තමා සමග සිටි සියලුම රසික රසිකාවියන්ට උණුසුම් ලෙස ස්තුතිය පළ කර තිබිණි.
තමාට සිනමා ජීවිතයේ සියලු ජයග්‍රහණ හිමිකර ගත හැකි වූයේ තම රසිකයන්ගේ කොන්දේසි විරහිත ආදරය නිසා බවද, රසිකයන් සමග එක්ව ලෝක වාර්තාවක් පිහිටුවීමට ලැබීම කිසිදා අමතක නොවන්නක් බවද ඔහු සමාජ මාධ්‍ය පිටුවක සඳහන් කර තිබේ.