Press "Enter" to skip to content

කසාදයක් කැඩිච්ච ඕනම ගැහැනියක් දිහා සමාජේ බලන්නෙ වපර ඇහින්.. එයා තමයි ගොඩක් පව් මට වඩා.. කසාදය කියන්නෙ රිස්ක් එකක්..

අංජුලා රාජපක්ෂ…
එදා පුංචි තිරයේ දඟකාර පෙම්වතිය වුණත්, දැන් ඇය පුංචි තිරයට ආදරණීය අම්මා කෙනෙක්.

වෙලාවකට නපුරු නැන්දා කෙනෙක්.
එහෙම වුණත්.. ඇයට කවුරුත් හරි ආදරෙයි.

ඒ ඇය නිහතමානී රංගන ශිල්පිනියක් නිසා.

මේ වෙද්දි පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක් වන අංජුලා රාජපක්ෂගේ ආදරණීය සැමියා
ඉන්නෙ විදෙස්ගත වෙලා.

මේ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින් කළ කතාබහක්.

වෙන පවුල්වල තාත්තයි අම්මවයි පුතාව වඩාගෙන යද්දි ඔබ තනියම පුතාව වඩාගෙන යද්දි කොහොම හැඟීමක්ද දැනෙන්නෙ ?
තාත්ත කෙනෙක් හිටියනම් හස්බන් ළඟ හිටියනම් කියන හැඟීම ඒ අඩුව තියනවා. හැබැයි මට වඩා අපහසුතාවෙන් තමා හස්බන් ඉන්නෙ. මම දරුවා ළඟ ඉන්නවා. දරුවගේ අනාගතය වෙනුවෙන් එයා ගිහින් ඉන්නවනේ. එයා තමයි පව්..

ගැහැනියක් තනි උනාම මිනිස්සු බලන්නෙ වපර ඇහින්?
ළමෙක් ඉන්න අම්මා කෙනෙක් දිහා ම නෙවේ, කසාදයක් කැඩිච්ච ඕනම ගැහැනියක් දිහා සමාජේ බලන්නෙ වපර ඇහින්.

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දෙවනි පාර විවාහ වෙද්දි සමාජය වැරදියට දකිනවා? පිරිමියා දිහා එහෙම නෑ?
ඒක වැරදි. එහෙම හිතන අයත් ඉන්නවා. මම ආස නෑ, මෙහෙම දෙයක් තියනවා. ගැහැනිය හරි.. ගැහැනිය තමයි තැලෙන්නෙ කිව්වට ඒ හා සමාන පිරිමිත් ඉන්නවා. පිරිමිත් ගැරහුම් නින්දා ලබන අය ඉන්නවා. අපිට හැමතිස්සෙම මේක ගැහැනියගේ වරදක් කියලා කියන්න බෑ. පිරිමියෙක්ගේ වරදක් කියන්නත් බෑ. අපේ ප්‍රශ්නේ අපි ඉන්න තාක් කල් අපිට අපිව පේනවා.

එකට ඉන්න බැරි නම් වෙන් වෙන එක නේද හොඳ ?
මට හොඳයි කියනනත් බෑ. නරකයි කියන්නත් බෑ. හැබැයි හැම දේකදිම ඉවසීම ප්‍රගුණ කරන්නම ඕන. විවාහයක් කියන්නෙ රිස්ක් එකක්..මම නම් කියන්නෙ කොහොම හරි බැන්ඳොත් දෙන්නා එකට ඉන්න ඕන.

More from CinemaMore posts in Cinema »