Press "Enter" to skip to content

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ ගැන ලැබුනු අලුත්ම ආරංචිය.. තියෙන්නේ ප්‍රාර්ථනාවක් විතරයි..

වීඩියෝ මෙතනින් බලන්න

අනතුරට ලක්ව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සහ රංගධර ජැක්සන් ඇන්තනි මහතා තවමත් හුස්ම ගනු ලබන්නේ යන්ත්‍රයක ආධාරයෙන් බව චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින්. එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් .

“ජැක්සන්ගේ තත්වය හරියටම කියන්න පුළුවන් වෛද්‍යවරුන්ට පමණයි. නමුත් අපේ එකම ප්‍රාර්ථනය තමා ජැක්සන් ස්භාවික තත්වයට ඉක්මනට එන්න කියලා. නමුත් අපිට ලොකු භීතියක් තියනවා මෙච්චර කාලයක් දැන් මේ යන්නේ හත්වන මාසේ යන්නේ මං හිතන්නේ.

උපකරණ වල ආධාරයෙන් තමා හුස්ම ගන්නේ ජිවත් වෙන්නේ. ඉතින් වෛද්‍යවරු හා පවුලේ සාමාජිකයනුත් මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරයි. ඒ ගැන මට පුද්ගලිකව කියන්න බැ. තියෙන්නේ ප්‍රාර්ථනාවක් විතරයි. මම කියන්නේ ඉතින් ජැක්සන් ඉක්මනට නැගිටපන් සනීප වෙලා වරෙන් අපිට ඉස්සරහට වැඩ තියනවා . නැගිටින තුරු ඔහු අවදිවෙන තුරු මුළු රටක් ම ලෝකයක් ම බලාගෙන ඉන්නවා.

ඔහුගේ වර්තමාන තත්වය පිළිබඳව කතා කරන්න කැමති නේ මන් ඇත්තටම මොකද එක වෛද්‍යමය ප්‍රශ්නයක් සහ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රශ්නයක් නිසා”(උපුටාගැනීමක්)

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »