Press "Enter" to skip to content

මම කොට ඇඳුම් අඳින්නෙ නැහැ.. ගවුම් මට ඇඳගෙන ඉන්න අපහසුයි.. මාව මහතට පේනවට මම කැමතියි.. දාලා ගිය අයව මට ආපහු එපා..

අද වෙනකොට රසිකයන් බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි පාරදිගේ කියන්නෙ. ‘පාරදිගේ’ හරහා ඔබ හමුවට එන අපූරු චරිතයක් සමග මෙවර අපි කතාකරන්න හිතුවා. ඒ තමයි මානවීගේ චරිතය රඟපාන සප්නා පාදුක්ක.

සප්නා මොනවද අලුත් තොරතුරු?

මේ දවස්වල පාරදිගේ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් සාර්ථකව කරගෙන යනවා. ඉදිරියේදි ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යය තුළිනුත් මාව රසිකයන්ට දකින්න පුළුවන්.

පාරදිගේ මානවීට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා නේද?

පාරදිගේ මානවී වෙලා වසර දෙකකට කිට්ටු වෙලත් තාම රසික ප්‍රතිචාර අඩුවක් නැතුව ලැබෙනවා. හැබැයි ඉස්සර නම් රසිකයො මට බැන්නා මම හරි නපුරු විදිහට රඟපාන්නෙ කියලා. දැන් නම් එහෙම නැහැ. මගේ රඟපෑම් හොඳයි කියලා ගොඩක් අය මට කියනවා.

රසිකයො අතර ඔබ සරාගී රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රියයි කියලා ආරංචියි ?

මම රංගනයෙන් දායක වුණ දිනේෂ් තරංගගේ ‘හැදුණද රිදුණද’ කියන මියුසික් වීඩියෝව නිසා රසිකයො මට සරාගී කියලා කියපු අවස්ථා තියනවා. ඒ ඔවුන් මට දක්වන ආදරය කියලයි මම හිතෙන්නෙ.

ආකර්ෂණය දිනාගන්න නිළියො සරාගී විදිහට සිරුර නිරාවරණය වුණු ඇඳුම් අඳිනවා කියන කතාව ගැන ඔබ මොකද හිතන්නෙ?

ඇඳුම් සම්බන්ධයෙන් මම ගැන කියනවා නම් මම අඳින්නෙ පලඳින්නෙ මාව ලස්සනට පේන, සුවපහසු විදිහට ඉන්න පුළුවන් මට ගැළපෙන ඇඳුම්. අනෙක් කෙනාගේ ආකර්ෂණය දිනාගන්න කියලා මම විශේෂයෙන් සිරුර නිරාවරණය වුණු හෝ කොට ඇඳුම් අඳින්නෙ නැහැ.

සප්නට ගවුම් ඇලජික්ද?

ගවුම් කියන්නෙ මට ඇඳගෙන ඉන්න අපහසු ඇඳුමක්. ඒ නිසා මම ගවුම්වලට කැමැති නැහැ. මාව මහතට පේන ලොකු ටීෂර්ට් සහ ඩෙනිම් තමයි මම වැඩිපුර අඳින්න කැමැති.

අනෙක් නළු නිළියො කෙට්ටු වෙන්න උත්සාහ කරද්දි ඔබට ඕන මහත් වෙන්නද?

කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති කෙට්ටු ඇඟක් මට තියෙන්නෙ. ඒ නිසා මම කැමැතියි මාව මහතට පේනවට. ඇඟ මහත් වුණේ නැති වුණාට බඩ එන ප්‍රශ්නය නම් මට තියනවා. ඒ නිසා ජිම් ගිහින් බඩ අඩු කරගන්න ව්‍යායාම නම් මම කරනවා.

සප්නා අද ජනප්‍රිය නිළියක්. ඔබව ප්‍රතික්ෂේප කරපු අය ගැන දැන් මොකද හිතෙන්නෙ?

අද මම රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක වෙද්දි මාව ප්‍රතික්ෂේප කරලා දාලා ගිය අය ආපහු මට කතා කරලා සුබ පතපු අවස්ථා තියනවා. මගේ ජීවිතය⁣ට ආපහු එන්න අහපු අවස්ථාත් තියනවා. මම ඔවුන් එක්ක තරහා නැහැ. හැබැයි මම ආපහු ඔවුන්ව භාරගන්නෙ නැහැ. ⁣මොකද එක පාරක් දාලා ගිය කෙනා ආපහු නොයයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒක නිසා මම ගිය අයට යන්න දීලා මගේ පාඩුවෙ සතුටින් ඉන්නවා.

දාලා යන්නෙ නැති ආදරයක් හොයාගන්න කාලෙ හරි නේද?

කාලෙ නම් හරි. හැබැයි දාලා යන්නෙ නැතුව මාත් එක්ක හැමදාම ඉඳියි කියලා හිතන හරි කෙනෙක් තාම මට හම්බවුණේ නැහැ. එහෙම දාලා යන්නෙ නැති කෙනෙක් හම්බවුණු දාට ඉස්සෙල්ලාම පිනිපලසට කියන්නම්.

More from CinemaMore posts in Cinema »