එකල ඈ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවකි. පාසැල් සමයේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට අමතරව කලා කටයුතු සඳහා නිතරම ඇය අත්‍යවශ්‍ය කෙනෙක් බවට පත්විය. පාසල් ජීවිතයෙන් සමු ගත්තට පසුව ඇය වෙළෙඳ දැන්වීම් කලාවට යොමු වූවාය. වෙළඳ දැන්වීම් කලාවේ ද ඇය අත්‍යවශ්‍යම අයෙක් වූයේ නිරූපණ ශිල්පිනියකගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමටයි. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ මන්ත්‍රීගේ බිරිඳ ලෙස රංගනයේ යෙදෙන රුක්ෂාන්ති පෙරේරා සමඟ කළ කතාබහයි.
නිර්මාණයකට ශිල්පීන් තෝරා ගැනීමේදී අධ්‍යක්ෂවරුන්ගෙන් සහ නිෂ්පාදකවරුන් ගෙන් ඔබට කිසියම් බලපෑම් එල්ල වෙලා තියෙනවා ද ?
නිර්මාණයකට ශිල්පීන් තෝරා ගැනීමේදී විවිධ ක්රමෝපායන් අනුගමනය කරනවා. ඒත් මට පෙනුණ විදිහට දක්ෂයන්ට ගොඩක් තැන අහිමි වෙනවා. ක්ෂේත්රය තුළ සිදුවන විවිධ දේවල් ගැන මම කතා කරන්න කැමති නෑ. එහෙම කතා කළොත් හෙට ක්ෂේත්රයෙන් එළියට යන්න බලාගෙන තමයි සියලු දේම කතා කරන්න වෙන්නේ. ඔ්නෑම ක්ෂේත්රයක් තුළ හොද සහ නරක කියලා දෙපැත්තක් තියෙනවා. ඒ තුළ තමයි හැම දෙයක්ම සිදු වෙන්නේ. තමන් යන ගමන නිවැරදිව දිශානූගතව ගමන් කළොත් දිසාව හරියාකාරව යන්න පුළුවන්. මම මේ තාක් ගියේ හරි පාරේ. මම කවදාවත් වැරදි පාරක යන්නේ නැති හින්දා මට මේවා ගැන පැහැදිලි කිරීම් කරන්න අමාරුයි.
ඔබ ඔ්නෑම චරිතයක් නිරූපණය කරන්න කැමතිද?
එහෙම මම ඔ්නෑම චරිතයක් නිරූපණය කරන්න කැමැත්තක් නෑ. නමුත් මගේ යම් සීමාවක් තියෙනවා. ඒ පිළිවෙළට උචිත නම් මං ඒ් චරිතය රගපානවා. කොහොමත් නිරුවත් සහ අඩ නිරුවත් චරිත නම් මම කිසිසේත්ම රගපාන් නෑ. මම විවාහකයි. මට හොද මහත්තයෙක් සහ දුවෙක් ඉන්නවා. ඒ නිසා මම මවක්. අපේ ශ්‍රී ලාංකික සංස්කෘථියට අනුගත පිළිවෙළක් තියෙනවා. ඒ් සීමාව දැනගෙන වැඩකටයුතු කරන එක තමයි හොදම දේ කියලයි මම හිතන්නේ. ලැබෙන චරිතයට උපරිම සාධාරණය් කිරීම නිළියක් හැටියට මම නිර්මාණ අධ්‍යක්ෂකවරයාට සහ නිෂ්පාදකවරයාට මම බැදිලා ඉන්නවා. ක්ෂේත්රය තුළ ප්‍රශ්න මතු වෙනවා. නමුත් ඒ ප්‍රශ්න තුළ අපි ඒවා ගණන් නොගෙන අපේ වගකීම් ඉෂ්ට සිද්ධ කිරීම තමයි මූළික වෙන්නේ ඔන. ඒවිට අපිට ක්ෂේත්රය තුළින් යම් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ප්‍රතිචාරය තමයි අපිට ලැබෙන හොදම දේ කියලයි මම හිතන්නේ ඒ නිසා මම කතුරට හසු වෙච්චි නිළියක් ලෙස දකින්න කැමැති නෑ. රාමුවකට කොටු වෙච්චි නිළියක් වෙනට වැඩිය චරිතාංග නිළියක් වෙන්නට කැමැතියි.
උපුටා ගැනීම – සරසවිය