ජීවිතේ දැක්ක ආසම හීනයක්, ශිෂ්‍යත්වේ පාස් නැති ළමෙක්, O/l A9 ක් නැති ළමෙක්, A/l A3 ක් නැති ළමෙක්
හැබැයි, නීතිවේදීනියක් ,නීති ශිෂ්‍යාවක් ,සහය කතිකාචාර්‍යවරියක් ,මනෝ උපදේශනය , මනෝ චිකිත්සනය , මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමාධාරිනියක්, ඔව් ඒ මම.
ඉලක්කම් අකුරු වලින් විභාග මනින්න එපා . ඉලක්කය හරිනම් හැමෝම එක වගේ එතනට යන්න ඕනේ නෑ. මේ ගමන ගැන කොහෙන් පටන් අරගන්නද කියලා හිතාගන්න බෑ. ඒ වෙන මොකුත් නිසා නෙමේ මිනිස්සුන්ට ජීවිතේ වරදින්න ඕනේ. තැලෙන්න පොඩි වෙන්න බිමටම වැටෙන්න ඕනේ.
අසාර්ථක වෙන්න ඕනේ. ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. ඒ හැමදේම වුනාම ඒවගෙන් හැදෙන මනුස්සයා හරි හයියයි.
දින්න විතරක් පුරුදු නොවී පරදින්න පුරුදු වෙන්න ඕනේ. මේ ලෝකේ තමන් තරම් තමන්ට ආදරේ කරන මනුස්සයෙක් නෑ . හැමදේටම කලින් තමන්ට ආදරේ කරන්න ඕනේ . අනිත් අයට ඉරිසියා කරන්න කලින් තමන්ට තමන් අභියෝග කරන් අනිත් අය දිනවන්න කලින් තමන්ව දිනවන්න.
ඒ විතරක් නෙමේ විභාග මැද්දේ දින හදලා දීලා උපරිම සහයෝගය දීපු කියාදෙන්න ආදරේ තරම් කණ්ඩායමටම ස්තුතියි .
“සල්ලි දීලා ගත්තු උපාධි ” මගේ ඩිප්ලෝමා දැකලා උපහාසයට හිනා වුන හැමෝටමත් බොහොම ස්තුතියි .
අවුරුදු 4 පුරාවට විෂයන් 20ක් Assignments 40ක්, එක්ක පොර බැඳුන අමාරුවෙන් කරපු උපාධිය, ඉතින් අවසානෙට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන හැමෝටම ස්තුතියි.