Press "Enter" to skip to content

මගේ බාප්පා **** ඇඟ උඩ… මම ආපහු එළියට දුවගෙන ආවා… පොඩි කාලේ ලිංගික අපහරණය ලක්වූ අයුරු විස්තරේ…. අනෝමා ජනාදරීගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව…

“තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිනමාව තුළ පූර්ණ නිරුවත පෙන්වූ ඇය අනතුරුව චිත්‍රපට ගණනාවකම නිරුවත් සහ ලිංගික දර්ශන සඳහා පෙනී සිටිනවා.

ඇය නමින් අනෝම ජනාදරී.

ඇය ඇගේ පෞද්ගලික ජීවිතය ගැන විවෘත අනාවරණයක යෙදෙමින් ආන්දෝලනාත්මක කෘති ත්‍රිත්වයක්ම එළිදක්වනු ලබනවා.

තමා කුඩා අවධියේ සිට ලිංගික අපහරණයට ලක්වූ අයුරු ඇය එයින් විස්තර කරනවා.

මෑතක ඇය ඒ සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් සමඟ මේ විදිහට මතක අවදි කර තිබුණා.

“ඒ දවස්වල මගේ අම්මා නංගි හම්බෙන්න හිටියෙ. මාව ඉස්කෝලෙට එක්කන් යනවා අම්මා. අවුරුදු හතරයි මට. අම්මට කලින් මම ගෙදරට එනවා. ඒ එද්දි මගේ බාප්පා ගෙදර වැඩ කරන කෙනාගේ ඇඟ උඩ ඉන්නවා මම දාකිනවා. මට දුක හිතෙනව. මොකද ඒ වැඩකරන කෙනාට මම හුඟක් ආදරෙයි. මම කල්පනා කරනවා මොකද්ද මේ වෙන්නෙ කියලා. මේ මිනිහා මරන්න යනවද.. නැත්තම් අනතුරක් කරන්න යනවද කියලා..”

“මම ආපහු එළියට දුවගෙන ආවා. මට දැනෙනවා මම මේකට විරුද්ධ වෙන්න ඕනේ කියලා. මම බාප්පගේ සියලුම ක්‍රියාවන්වලට විරුද්ධ වෙනවා. මට පොඩි කාලේ ඉඳන්ම පිරිමි මාව අල්ලන විදිහ අවුලක් දැනෙනවා. පිරිමියාට දොස් කියනවා නෙවේ මේ. පිරිමියාට ආශාවන් පිට කරන්න ඕනේ. දැන් ධනුෂ්කගේ සිද්ධිය ගන්නකෝ… ඔහුට ලිංගික අධ්‍යාපනයක් තිබ්බ නම් ඔහු ගෑනූ ළමෙක් එක්ක හිංසන විදිහට හැසිරෙන් නෑ. ගෑනූ ළමෙක්ට සළකන්නෙ කොහොමද.. ඒක හරිම සරලයි. ඔහු ඒක දැනන් හිටියනම් ඔහු නම්බුකාර ප්‍රකට කෙනෙක්…”

More from CinemaMore posts in Cinema »
More from GossipMore posts in Gossip »