Press "Enter" to skip to content

මං අවුරුදු 9ක් එකම කෙනෙක්ට ආදරය කළා…. සංසාරේ කිසිම දවසක එයාව මට හම්බ වෙන්න එපා…..

අපේ කලා ලෝකයට කාලෙන් කාලෙට අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් එකතු වෙනවා.

ඉතින් ඒ විදිහට රංගනයත් එක්ක සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් අද වන විට විශිෂ්ට ගනයේ ටෙලි නිර්මාණයන් එක්ක එකතු වෙලා එක රැයෙන් ප්‍රේක්ෂකයන් අතරට යන්නත් වාසනාවන්ත වුණා.

ඉතින් ඒ විදිහට ප්‍රේක්ෂකයන්ගේ ආදරය කෙටි කාලයකින් ලබාගත්ත ආදරණීය කලාකාරිනියක් තමයි ඉසංකා කියන්නේ.

ඉසංකා කියනවාටත් වඩා ඇයට කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනී කිවුවහම තමයි ගොඩක් දෙනෙක් අඳුනගන්නෙ.

ඉතින් මේ සුන්දර කලාකාරිනිය කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇය මියුසික් වීඩියෝවක් එක්ක සම්බන්ධ වුණාට පස්සෙයි.

ඊට පස්සේ එක දිගට කලාවත් එක්ක සම්බන්ධ වෙච්චි ඉසංකා හරිම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා.

ඇය පසුගිය කාල සීමාවේ ටිකක් දුකෙන් තමයි කාලය ගත කළේ.ඒකට හේතුව ඇයගේ ආදරණීය තාත්තා මේ ලෝකෙන් සමු ගැනීම නිසයි.ඒ දේවල් ඒ විදිහට සිටින වෙද්දී ඇය තවත් ජීවිතය අවාසනාවන්ත දුක්බර සිදුවීමකට මුහුණ දෙනවා.ඒ ආදරය අහිමි වීමත් සමගයි.ඒ කතාව ගැන ඉසංකා කිව්වේ මේ වගේ දෙයක්.

“මම අවුරුදු 18 එන්නං අවුරුදු 27 වෙනකම් එකම කෙනෙක්ට ආදරය කළා.හැම හීනෙකම හිටියෙ එයා එයා ගැන විතරයි හිතුවේ. මම ඒක දකින්නේ සංසාර මොකක් හරි කරපු දෙයක් නිසා ඔහුට එයා ආදරේ දැනෙන්න නැතුව ඇති. මම දැන් හිත හදාගෙන ඉන්නේ. මම ඔහුට සමාව දීලා ඉවරයි. ඉතින් මම හිතනවා මේ සංසාරයෙන් කිසිම දවසක ආයේ මට ඔහුව හම්බ වෙන්න එපා කියලා. එච්චරකට මගේ හිත රිදිලා තමයි මම ඒ සම්බන්ධය නැවැත්තුවේ. මම අදටත් කැමති ඔහු සතුටින් ඉන්නව නම්.ඔහුට යන්න දුන්නෙ මම. ඔහු කැමති වුණේ නැහැ මේ සම්බන්ධතාවය නවත්තන්න.මම කැමැති නෑ ගැටීම් එක්ක ජීවත් වෙන්න.ආදරේ කියන්නේ ජීවිතයට සැනසීමක්.මම රණ්ඩු වෙන්න එච්චර කැමති නැහැ. ඒත් අපි අවුරුදු ගාණක් රණ්ඩු වුණා.”

ඉතින් ඇය කියන්නේ අවසාන වශයෙනුත් ඇය ගොඩක් ලොකු අවබෝධයක් හිතේ තියාගෙන තමයිලු මේ සම්බන්ධතාවය නවත්තලා තියෙන්නෙ. ඉතින් යලි කෙදිනක හෝ ඇය බලාපොරොත්තු වෙන්නා වූ සුන්දර ආදරයක් ඇයට හිමි වේවා අහිමි නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

More from CinemaMore posts in Cinema »