Press "Enter" to skip to content

නිහාල් නෙල්සන්ගේ අවසන් පැතුම…. මිතුරාට සමුදුන් ඔහු අවසන් වරට තැබූ සටහන… “තාත්තෙ නිහාල් අංකල්ව බලාගන්න… නිහාල් අංකල් අපේ තාත්තව බලාගන්න….”

ජීවිතේ හරි පුදුමාකාරයි. හමුවීම් වගේම හැරයාම් තුළත් ඇති ඇතැම් ගැළපීම් හිතාගන්නවත් බැරි තරම්.

පහුගිය දවසක අහන්න ලැබුණු නුවන් ගුණවර්ධනයන්ගේ සමුගැනීමත් අද අහන්න ලැබුණු නිහාල් නෙල්සන්ගේ සමුගැනීමත් ඊට දැක්විය හැකි නිදසුනක්…

එදා නුවන් ගුණවර්ධනයන්ගේ නික්ම යාම සැලවී නිහාල් නෙල්සන් තම මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා…

නමුදු තමාටද මිතුරා පසුපසම මේ තරම් ඉක්මනින් යාමට වේවි යැයි ඔහු නොසිතන්නට ඇති….

“වසර 40කට වැඩි ඇසුරක් තුළ සුහදම මිතුරකු වූ ඔබ දිවියෙන් සමුගැණීම ඉතාම දුක්බර පුවතකි.

නමුත් යනදාට යා යුතුය.

කාගෙත් ආදරය ලබාගෙන කාටත් ආදරය ලබාදුන් මිතුරාණනි ඔබට අමාමහ නිවන් සුව අත්වේවා .

උපදින කිසිම ආත්මයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා . “

එසේ තම මිතුරාට සමුදුන් ඔහුද අද නික්ම ගොසිනි…

අද නිහාල් නෙල්සන් කලාකරුවාගේ මරණ ගැන නිහාල් නෙල්සන්ගේ වියෝවෙන් සංවේගයට පත් නුවන් ගුණවර්ධනයන්ගේ පුත් ගයාන් සංවේදී සටහනක් තබා තිබුණා…

මේ ඔහු තබා තිබූ එම සටහනයි…

“තාත්තෙ නිහාල් අංකල්ව බලාගන්න…
නිහාල් අංකල් අපේ තාත්තව බලාගන්න….”

මේ අතර නිහාල් නෙල්සන්ගේ අවසන් පැතුම පිළිබදව පසුගිය දවසක රූපවාහිනි නාලිකාවක පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සදහන් කර තිබුණා.

ඒ මේ ආකාරයෙන්…..

More from CinemaMore posts in Cinema »