හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අද සිය දිවිසැරිය නිම කළා.
“හින්දි නුවන්” ලෙසින් ප්‍රසංග වේදිකාව හැඩ වැඩ කළ නුවන් තමන්ට ම අනන්‍ය හඬකින් රසික සිත් ආමන්ත්‍රණය කළ අතර, මෙරට සිනමාවේ ජෝතිපාලයන්ට පසු ගීත ගණනාවක් ගැයූ ශිල්පියාද ඔහු යි.
නුවන්ගේ වියෝවෙන් සංවේදී වූ සමිතා මුදුන්කොටුවගේ දියණීය මීට මොහොතකට පෙර සංවේදී සටහනක් ඇගේ මුහුණූ පොතට එක් කර තිබුණා.
මම දන්න කාලේ ඉඳන් අද වන තුරු call එකක් අරං Dada කිව්ව ගමන් මාව අඳුරගෙන Baba කියලා ආදරෙන් කතා කරපු ඔයා අද නිහඬ වෙලා…
අන්තිම මොහොතේවත් මට ලඟ ඉන්න බැරි උන එක ගැන දුකයි…
ඔයා වගේ හොඳ මනුස්සයෙක් මගේ ජීවිතේට ලැබිලා මට මගේම තාත්තා වගේ දැනිචච ඔයා, හොඳ තැනක ඉපදෙයි කියලා මම දන්නවා…
නිවන් සුව මගේ Dada…