රූප රාජිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුල හදුනාගන්නට පුලුවන් සුරූපිනියක් තමයි රුමලි කේශිදා කියන්නේ. ඇය පුංචි තිරය හරහා අපි අතරට ආවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රදීශ්ගේ අක්කා විදියට පිට රටක ඉදන් ආපු කෙනෙක් හැටියටයි ඇය පුංචි තිරය හරහා අපි අතරට ආවේ.
ඉතින් මේ සුරූපිනිය සුරතලුන්ට ගොඩක් ආදරය කෙනෙක්. ඇගේ සුරතලුන් විදියට පූසෝ අට දෙනෙකුයි බල්ලො දෙන්නෙකුයි ඉන්නවා. ඒ විදියට සුරතලුන්ට ආදරය කරමින් හරිම ආදරණීය ජීවිතයක් ගත කරන රුමලිගේ ආදරණීය මව කාගෙවත් වැරැද්දක් දකින්නැති කෙනෙක් කියලයි රුමලි කියන්නේ. ඇයට නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා. ඉතින් ඇය ඇගේ ශරීරය මේන්ටේන් කරගන්න ආකාරය ගැන මේ විදියටයි රූපවාහිනී වැඩ සටහනකදී කියලා තිබූනේ.
” මම මගේ බඩ පිරෙන්න කන කෙනෙක් නෙමෙයි. සැරින් සැරේට මොනවහරි දෙයක් කන්න ඕන කෙනෙක්. එහෙම කාලා මම තරමට වඩා බර වැඩි වූනා. ඊට පස්සේ මට මිස් ශ්‍රී ලංකා ෆෝර් මිස් වර්ල්ඩ් පැජන්ට් එකට යන්න ඕන නිසා මම හොදටම පාලනය කරලා, යෝගා කරලා, එක්සයිස් කරලා කෑම පාලනය කරලා මම කිලෝ52කට හදා ගත්තා.
මම මේ වෙනකොට අවුරුදු හතරකින් බත් කාලා නෑ. මට බත් කන්න හිතෙන්නෙම නෑ. මම කැමති ශෝටීස් කන්න. පොඩි කාලෙත් එහෙමයි. මට හිතිලා බත් කන්නෙ නෑ. යාලුවො එක්ක එලියට ගියාම නොකාම ඉන්නෙ නෑ. ඒ වෙලාවට බත් කටක් දෙකක් කනවා. මම හිතලා කවදාවත් බත් කන්න යන්නෑ.”










