නිරූපණය වගේම ගීත ගායන හරහා අපේ රටේ ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණු ඉතාමත් සුරූපි තරුණියක් තමයි හෂිනි සැමුවෙල් කියන්නේ. විශේෂයෙන්ම ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තමයි ජනප්‍රියත්වයට පත් වුණේ. නිරූපණය හරහා කාගේත් අවධානයට පාත්‍ර වුණු ඇය ඉන්පසුව විවිධ මාතෘකා ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන්නියක් වුනා.
ඉන්පසුව ඇය පිළිබඳව අපිට අහන්නට ලැබුණේ ඇය මෙරට ඉතාමත් ජනප්‍රිය රැප් ගායකයෙකු වන ෆිල්ටී සමඟ විවාහ ගිවිස ගත් බවයි. එම විවාහයෙන් ඉතාමත් සුරතල් පුංචි පුතෙක් ද ඇයට සිටිනවා.නමුත් ඉතාමත් කණගාටුදායක කරුණ නම් ඇය ෆිල්ටීගෙන් පසුව වෙන් වෙනවා.
කොහොම නමුත් මේ වන විට ඇය තනි මවක් වශයෙන් පුංචි පුතා සමග ඉතාමත් ආදරණීයව ජීවත් වෙනවා. පසුගිය දිනයක දී ඇය එක්තරා යූටියුබ් සාකච්ඡාවකට පැමිණෙමින් අදහස් දක්වා තිබුනේ මේ ආකාරයටයි.
” ඇත්තම කතාව තමයි දික්කසාද වෙන්න තීරණය කලේ මමම තමයි. මම තීරණය කළා ට කසාද උනාට පස්සේ ඒක මට ලොකු දුකක් ඉතිරි කලා.සමහර ගොඩක් දෙමවුපියෝ කරන්නේ ගොඩක් ප්‍රශ්න මැද්දෙ නොගැලපීම් දාහක් අතරින් ගහ මරාගෙන හරි එකට ජීවත් වෙනවා දරුවා වෙනුවෙන් කියලා.නමුත් ඒකෙන් ලොකුම බලපෑමක් වෙන්නෙත් දරුවාට ම තමයි.single අම්මා කෙනෙක් කියන සංකල්පය ලංකාවට ටිකක් නුහුරු දෙයක්.නමුත් වෙනත් දියුණු රටවල විවාහ ජීවිතයෙ තියෙන නොගැලපීම් නිසා සමහර මවුවරු තීරණය කරනවා දුක්ඛිත බැඳීම් වලින් ඉවත් වෙලා තමන්ගේ දරුවා සමග තනි මවක් වශයෙන් කටයුතු කරන්න.
කොහොම උනත් මම දරුවා ඉදිරියේ දරුවාට පේන්න මම අඬන්නේ නැහැ. ඒ වගේම මම දකිනවා සමහර අම්මලා ඇවිල්ලා ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල අඬනවා. ඒ උනාට මම කැමරාවක් ඉදිරියේ අඬන්නේ නැහැ.ඇත්තම කතාව මම දික්කසාද වෙන්න තීරණය කළේ නැහැ.ඒක ඉබේම උන දෙයක්.නමුත් මම දරුවෙක්ව හදන්නෙ තීරණය කරලා.
ඒ වගේම තමයි දරුවෙක් එක්ක තනි වුණ අම්මා කෙනෙක්ට ඕනම කෙනෙක් ලං වෙන්න හදන්නේ අවංක ආදරේට නෙමෙයි කියලා මට හිතෙනවා.මම දන්නෙ නැහැ මම කියන දේ හරිද කියල.නමුත් මම කාලයක් තනි මවක් විදිහට හිටියා.අදටත් මම තනියෙන් තමයි ජීවිතය ගත කරන්නේ.
ඇත්තටම කිව්වොත් ආදරය කියන දේ විශ්වාස කරන්නේ නැති තැනට මම දැන් පත්වෙලයි ඉන්නේ.ආදරය කියන දේ මට දැන් විහිලුවක්.”
ඉතින් මේ විදියට තමයි ඇය අදහස් දක්වා සිටියේ.ඇගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා.