නිළියක්, නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගෙන සිටින උදාරි කෞෂල්‍යා සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්.
නමුත් දැන් ඇය, ඇගේ ව්‍යාපාරික කටයුතුත් එක්ක කාර්යබහුල චරිතයක් බවට පත්ව සිටිනවා.
පසුගිය සමයේ ඇය ගැන සමාජ මාධ්‍ය තුල විවිධ කතාබහ ඇති වූ අතර, ඇය ඒ සඳහා පළකිරීමක් කරමින් මෙසේ කියා තිබුණා.
කාරුණික සියලුමදෙනා හට කරනා දැනුවත් කිරීමකි. මා කලකට ඉහත රංගන ශිල්පීනියක් ලෙස කටයුතු කලද මා දැන් ව්‍යවසායිකාවක් ලෙස මාගේම ව්‍යාපාරයක කාර්යබහුලව සිටී . සමහර පුද්ගලයින් මෙන් සමාජ ජාලා ,youtube channel හෝ ගොසිප් පිටු ඔස්සේ ඔවුනොවුන්ගේ පෞද්ගලික ජීවිත පවා විකුනමින් Market කර අවශ්‍ය අනවශ්‍ය සියලු දේ දමා මිනිස්සුන්ගේ viwes හිගාකමින් මුදල් උපයාගැනීමට තරම් කිසිදු අවශ්‍යතාවයක් හා කාලයක්ද මා හට නොමැත,
තවද මා youtube chenel එකක් නොකරන බවත්.. මාගේ ව්‍යාපාර ආයතනය සමග කාර්ය බහුල වී කටයුතු කරන අතර මාහට gossip කියා දැමාගැනීමට හෝ interview කරගැනීමට හෝ බැලීමට වත් කාලයක් නොමැති අතර
එම පිටු හරාහා පල කරන මගේ යැයි කියන මගේ නොවන අදහස් හා විවිධ ප්‍රකාශ වගකීමකින් යුතුව තරයේ ප්‍රතික්ෂේප කරමි.
වගකිවයුතු සමාජ මාධ්‍ය සහ ගොසිප් පිටු වලින් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ අසත්‍ය තොරතුරු පල නොකරන ලෙසත් වගකීමක් ඇතුව කටයුතු කරන ලෙසත් ,මුදල් උපයාගැනීමේ චේතනාව සදහා තම තමාගේ ගොසිප් පිටුවල හෝ youtube channel වල Reach , likes සහ viwes වැඩි කරගැනීමට මෙවැනි පහත් සැලසුම් සහගත කටයුතු සිදු නොකරන ලෙසයි.
එමෙන්ම නැවත නැවතත් මෙසේ සිදු වුවහොත් අදාළ පාර්ශවයන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට මෙයින් දන්වා සිටී.