ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවාගෙන තිබෙන අතර ඉන්දීය රුපියල් හය ලක්ෂ අසූ තුන්දහසක දඩයක් අයකර ගැනීමෙන් පසුව ඔහුව මුදා හැර තිබේ.
ආරක්ෂක නිලධාරියා ඇතුළුව ෂාරුක් ඛාන් සමග පැමිණි තවත් කිහිපදෙනෙකු පැය ගණනාවක් ගුවන් තොටුපොළේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එහිදී සිනමාව සහ සංස්කෘතිය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඔහුට ගෞරව සම්මානයක් ද පිරිනැමුණි.
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..