මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ ඇය ඊයේ (07) එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී යි.
එමෙන්ම තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා නළුවෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරණතුංගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබුණා.
මීට පෙර ද තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කිරීමේ සිද්ධීන්වලට අදාළව කළා ක්ෂේත්‍රයේ 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගත්තා.
-hiru news
***************************
බිලියන ගණනක මුදල් වංචා චෝදනා එල්ල වූ චෝදනාවන්ට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රවීණ රංගන ශිල්පී සහ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබේ.
ජීවන් කුමාරතුංග මහතාගේ ජීවිත කතාව ඇතුළත් ‘ජීවා’ නම් චිත්‍රපටයක් නිෂ්පාදනය සදහා තිළිණි ප‍්‍රියමාලි විසින් මුදල් යොදවා ඇතැයි ලැබී ඇති තොරතුරු මත මෙම ප්‍රශ්න කිරීම කර ඇතැයිද වාර්තා වෙයි.
-lankacnews
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..