සිදූ, පැහැසරා, සඳ එළිය, සිද්ධාර්ථ ගෞතම වගේ ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව ලබපු නිර්මාණ ගණනාවකට දායකත්වය දෙන්නට තරම් ඇය වාසනාවන්ත වුනා. 2015 වසරේදී ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ ඇය එකවර නිර්මාණ කිහිපයකට සම්බන්ධ වන්නට තරම් වාසනාවන්ත වුණා.
ඇය නමින් කාවින්ද්‍යා දුල්ෂානි. අවුරුදු කුමාරි තරඟය අතර වාරයේදී ඇය පුංචි තිරයෙන් දකින්නට ලැබීම පිළිබඳව ඇය දැරුවේ මෙවැනි අදහසක්.
“ඒක නම් වාසනාවක් කියලයි මම හිතන්නෙ, පුංචිකාලේ මට එක නාට්‍යයක් බලන්න වත් අවසර තිබුණේ නැහැ, මොකද අධ්‍යාපන කටයුතුවලට තමයි ප්‍රධාන තැනක් දුන්නේ.
කැමරාව කියන්නේ මම කේෂ්ත්‍රයට එද්දී මට ගොඩක් ආධුනික තැනක්. අධ්‍යක්ෂකවරු තමයි මගේ බය පවා නැති කලේ. ඉතින් ඒක වාසනාවක් කියලයි මම නමි හිතන්නේ. ඒ වගේම මේ පුංචි කාලයට මට ලැබෙන රසික ප්‍රතිචාර ගැන මම ගොඩක් තෘප්තිමත්. ගොඩක්ම සිදූ ටෙලි නාට්‍යයේ අන්ජනා විදිහට තමයි මං ප්‍රසිද්ධ, ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගොඩක් ගියා. මගේ ගමන ඉදිරියට යන ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ආදරය මට ලොකු හයියක්.
ඔබ අවුරුදු කුමාරි නොවුනානම් කලාවට එන්නෙ නැද්ද?
ඒක නං එහෙම කියන්න බැහැ. මම කලාවට ආවේ අවුරුදු කුමාරි තරඟයෙන් තේරිලා කියලා කියල කියන්න අමාරුයි. මොකද මම අවසන් 12දෙනා අතර ඉද්දි තමයි විමංසා ටෙලි නාට්‍යයේ චරිත තෝරා ගැනීමට ඉදිරිපත් වුණේ. ඉතින් ඒ වෙනකොට මම අවුරුදු කුමාරි වෙලා හිටියෙ නැහැ. අවුරුදු කුමාරිට තේරිලා මම කලාවට ආව කියන එක කියන්න බෑ. මම පුංචි කාලේ ගොඩක් ආසාවෙන් හිටියේ ව්‍යාපාරිකාවක් වෙන්න. නමුත් ඉතින් දෛවය මාව කලාකාරියක් කරලා තියෙනවා. මම ඇඳුම් නිරූපණයේ නියැළෙන්නේ නැහැ.
මනාලියක් විදිහට නිරූපණය කරන්න ආරාධනා ලැබුණොත් විතරක් මම කැපවීමෙන් කරනවා. ඇඳුම් නිරූපණය කරන්නෙ නැත්නම් කොහොමත් නිරූපණ තරඟ වලට දායක වෙන්න බැහැ ඒක අසාධාරණයක් වුණත් මම කවදාවත් ඇඳුම් නිරූපණය කරන්නේ නැහැ. මම කොටට අඳින්න කැමති නැහැ. ඇඳුම් නිරූපණයේදී කියන හැම ඇඳුමක්ම අපිට අඳින්න සිද්ධ වෙනවා ඒ නිසා මම ඇඳුම් නිරූපණයට යොමු වුණේ නැහැ.
ඇගේ අධ්‍යාපන කටයුතු වලටත්, ඇගේ අනාගතයටත් අපි සුබ ප්‍රාර්ථනා කරමු.
-aayubo.com gossip