Press "Enter" to skip to content

රටම කම්පාවට පත් කරමින් ජනප්‍රිය නිළියකගේ මළසිරුරක් ගඟක

මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් පසුව ගඟේ දියේ ගිලී මියගොස් සිටීම පවුලේ ඥාතීන් සහ රසිකයින් කම්පාවට පත් කරමින්.

මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තායිලන්තයේ ජනප්‍රිය නිළියක වන නයිඩා පැච්රවීරපොංග් (Nida Patcharaveerapong).

තායිලන්ත සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද ජනප්‍රිය නිළියක වන නයිඩා ‘The Fallen Leaf (2019) නමැති නාට්‍යයෙන් ඉතා ජනාදරයට පත්විය.

පසුගිය පෙබරවාරි 26 වැනිදා නයිඩා නිවාඩුවක් ගත කිරීම සදහා සිය මිතුරියන් පස්දෙනෙකු සහ ඇගේ කළමනාකරු සමග ස්පීඩ් බෝඩ් ක්‍රීඩාවේ නිරතව තිබෙනවා.

බැංකොක් හි Rama VII Bridge නමැති ගංගාවේ ක්‍රීඩාවේ නිරතව සිටියදි ඇය ගංගාවට ඇය ඇදවැටෙන විට ආරක්ෂිත කබායක්වත් පැළද නොසිටි බවට තොරතුරු වාර්තා වෙනවා.

මියයන විට ඇය 37 වැනි වියෙහි පසුවිය.

කෙසේ වෙතත් නයිඩාගේ මව වන පනීඩා පොලීසියට පැමිණිලි කර ඇත්තේ යම්කිසි පුද්ගලයෙකු විසින් තම දියණියව ගඟට තල්ලු කර ඇති බවට සැකයක් ඇති බවයි.

නයිඩාගේ ඉන්සටර්ග්‍රෑම් ගිණුමේ ඇති රසිකයින් සංඛ්‍යාව මිලියන 1.5කි.

More from CinemaMore posts in Cinema »