විදුලි වාහනවල මිල ගණන් තවත් වසර 3ක් පමණ තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්ලේෂකයින් පවසන බව ස්කයි පුවත් සේවය වාර්තා කරයි.
එමෙන්ම ලෝක වෙළෙදපොළේ ඉන්ධන මෝටර් රථවල මිල ගණන් වසර 2025 – 2027 වන විට ඉතා අඩු වනු ඇති බව වාහන අලෙවියේ විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
එම තත්ත්වයට ප්රධානතම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක වෙළෙද පොළේ තෙල් මිල ගණන් ඉතා වේගයෙන් ඉහළ යාම බවයි.
ඊට තවත් හේතුවක් විදුලි බැටරිවල දියුණුව මෙන්ම විදුලි මෝටර් රථ නිෂ්පාදකයින් විශාල ලෙස වෙළඳපලට මෝටර් රථ නිෂ්පාදනය කිරීමයි.
තවද අනාගතයේදී විදුලි මෝටර් රථ වෙළෙදපොළ සුරක්ෂිත කිරීම සදහා ඉදිරි වසර වල මාදිලි ගණනාවකින් විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමට ලොව ප්රකට මෝටර් රථ නිෂ්පාදකයින් පියවර ගනිමින් සිටියි.
එමෙන්ම ලොව බොහෝ නගරවල ටැක්සි සේවාවන් සදහා ඉදිරියේදී විදුලි වාහන ප්රචලිත කිරීම සදහා කුඩා ප්රමාණයේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කර එ්වා ටැක්සි සේවා සදහා යෙදවීමට ද මේ වන විට සැලසුම් සකස් කර තිබේ.
ඒ අනුව පෙනී යන්නේ තවත් වසර කිහිපයක් යාමට පෙර ඉන්ධන මෝටර් රථ ඉතා අඩු මිලකට ලොව නොදියුණු රටවල් වලට අලෙවි වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.