සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන්ට ‘කොවිඩ් 19’ වසංගතය නිසා ගැටළු රාශියකට මුහුණ දෙන්නට පසුගියදා සිදුවිය. ඒ ඔහුගේ මව හදිසියේම රෝගාතුර වීම හේතුවෙනි. ඇයට ‘කොරෝනා’ රෝගය වැළඳි ඇතැයි වෛද්‍ය වාර්තා වලින් පෙන්නුම් කළ අතර, වහාම ක්‍රියාත්මක වූ අමිර් ඛාන් මව මෙන්ම තම පවුලේ අයද, මවගේ සේවයට සිටි හෙදියන් සහ සිය කාර්ය මණ්ඩලයේ සාමාජික, සාමාජිකාවන්ද වෛද්‍ය පරික්ෂණවලට ලක් කළේය.
වෛද්‍ය වාර්තාවලට අනුව අමිර්ගේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටම ‘කොරෝනා’ රෝගය වැළඳි ඇති අතර, මෙම පිරිස නිරෝධායනය සඳහා වෙනම ස්ථානයක් කරා අමිර් ඛාන් යොමු කර ඇති බවටද තොරතුරු වාර්තා වන්නේය. අමිර් ඛාන් තමාගේ කාර්ය මණ්ඩලය ගැන මේතරම් සොයා බැලීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ තුති පළව ඇති අතර, සමාජ මධ්‍යයන් පවසන්නේ එය සෙසු ප්‍රසිද්ධ පුද්ගලයන්ටද ආදර්ශයක් ගෙන දෙමින් ගත් ඉතා හොඳ තිරණයක් බවය.a
Published in Cinema
- බිකිනි ඇන්ඳා කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ.. නිරූපණ ශිල්පිණි ඩිල්රුෆා ෂනාස් කටහරී..
- සිංහල සිනමාවේ දැවැන්තයෙකු දිවිරගමඩලෙන් සමුගනී..
- රටම දන්න ප්‍රවීණ ගායන ශිල්පියෙකු අවසන් ගමන් යයි..
- තිත නොතියා කොමාවක් තියල යන්නම්.. තාම එහෙම අත්දැකීමකට මුහුණ දීල නෑ.. ඒක ලොකු අවුලක්..මං හරි ආසයි ඒකට..
- ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්.. කලා ලොවම පුදුමයට පත්වෙයි..