Press "Enter" to skip to content

ආදරවන්තයින්ගේ දිනයේදී දිග හැරෙන ‘අතරංගි රේ’

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් රංගනයෙන් දයක වෙන තුන්වැනි බොලිවුඩ් චිත්‍රපටය ලබන වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී (පෙබරවාරි 14 වැනිදා) ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. මෙහි ධනුෂ් සමගින් සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් හා සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන් රංගනයෙන් දායක වීමට නියමිතය.

සූන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන්නක් බව වාර්තා වේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ධනුෂ් බොලිවුඩ් සිනමාවට ගෙන ආ ආනන්ද එල් රායි බව සඳහන් වේ.

More from CinemaMore posts in Cinema »