Press "Enter" to skip to content

අලුත්ම වාහන ලක්ෂ 5ක් වරායට ඇවිත්

2022 වසරේ නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර්තා වේ. මෙය පූර්ව වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි.

මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන ගොඩබස්වා ඇති අතර ඒවා නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, මැදපෙරදිග, චිලී හා ජපානය යන රටවල් සහ කලාප වෙත ප්‍රති නැව්ගත කර ඇත.

2021 වසරේ දී හම්බන්තොට වරාය හරහා ප්‍රති නැව්ගත කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 484,567 ක් වේ.

-adaderana

More from GossipMore posts in Gossip »