Press "Enter" to skip to content

එයාට හොදටම අසනීපයි… ඉක්මනටම ගෙනියමු හොස්පිටල්… යොහානිව හදිසියේ රෝහල් ගත කරලා… ප්‍රසංගයට පැය කිහිපයක් තියෙද්ද යොහානිට මොකද වුනේ….

යොහානි… එහෙමත් නැත්නම් ඇයව හැමෝම හඳුනන්නේ මැණිකේ කියලා… “මැණිකේ මගේ හිතේ” ගීතය හරහා ලොවක් හඳුනාගත් ඇය මේ දිනවල ඉන්නේ ඉන්දියාවේ.

ඊයේ ඇයට බැංගලෝරයේ ප්‍රසංගයක් සඳහා සහභාගි වීමට තිබුනා. ප්‍රසංගයට පැය 24කට පෙර ඇය බැංගලෝරයේදී රෝහල්ගත කර තිබුනා.

ප්‍රසංගයට පෙර හදිසියේ ඇති වුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල්ගත කර ඇති බවයි ඇගේ පෞද්ගලික ලේකම් වන දිලංජන් සෙනෙවිරත්න පවසනවා.

දිලංජන් ඔහුගේ සමාජ මාධ්‍යවල යොහානි රෝහල්ගත වී සිටින ඡායාරූප‍යක් පල කරමින් මේ බව සඳහන් කර තිබුණා.

-hirugossip

Published in Cinema and Gossip

More from CinemaMore posts in Cinema »