Press "Enter" to skip to content

අසම්මත පෙමකින් කටුනායක පවුලක් දෙදරා යයි..

කටුනායක අසම්මත කාන්තා සම්බන්ධය නිසා පවුලක්ම දෙදරා යාමේ පුවතක් වාර්තා වේ.

දරු ඵල නොමැති ස්වාමිපුරුෂයෙකු සහ බිරිදකු ජීවත් වූ පවුලක ඔවුන්ගේ නිවස ඉදිරිපිටම ජීවත් වූ පුංචි අම්මාගේ දියණියක සමග අසම්මත සම්බන්දයක් පැවැති වූ විවාහක කාන්තාවක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණි ගැටළුවක් කාලගෝට්ටියක් ඇති කළේය.

මෙම ස්වාමිපුරුෂයා කටුනායක ඇගළුම් කර්මාන්ත ශාලාවක මුරසේවකයෙකු ලෙස සේවය කරනු ලබයි.

ඔහු නිතර රාත්‍රී මුර සේවය භාරගනු ලබන්නේ අතිකාල දීමනා ද ලැබෙන බැවිනි.

කෙසේ වෙතත් පසුගිය දිනෙක ඇගළුම් කර්මාන්ත ශාලාවේ මුර සේවයේ නිරතවීමට ගිය ද තමන් සමග සේවය කරන තවත් මුර සේවකයෙකු හදිසියේ සේවයට වාර්තා කළේ පසුදා නිවාඩු ලබා ගැනීම කාරණාව හේතුවෙන් මෙම පුද්ගලයාට නැවත නිවස කරා ඒමට සිදුවිය.

නිවස බලා ඒමට පෙර මෙම ස්වාමිපුරුෂයා රාත්‍රී ආහාරයට ගෙන ඒන ලද ආහාර ද ගෙන මිතුරා සමග පුංචි කතාබහක නිරත වුවද එය දීර්ඝ එකක් වීම හේතුවෙන් මධ්‍යම රාත්‍රීයේ නැවත නිවස කරා පැමිණ තිබෙනවා.

යළි නිවසට පැමිණි මෙම පුද්ගලයාට නිවස තුළින් කිසියම් අමුතු ශබ්දයක් නිවස තුළින් ඇසී තිබෙනවා.

නිවැරදිව එය කුමක් දැයි තහවුරු කර ගැනීම සදහා ඔහු එම හඩ ඇසෙන මානයට ගොස් සිටි අවස්ථාවේ ඔහු කාන්තාවන් දෙදෙනෙකුගේ රාගය ඇතිවන ආකාරයේ හඩක් ඇසීමෙන් ඔහු කලබයට පත්ව තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ ස්වාමිපුරුෂයා සිය මිත්තණියගේ ජනේලයෙන් කෝට්ටක් ආධාරයෙන් ඇයව ඇහැරවා සෙමින් පිටුපස දොර විවෘත කර තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා එකවරම කාමරයට කඩා වැදීමත් සමග දුටු අසභ්‍ය දර්ශනය දැක “මොනවද යකෝ මෙතන වෙන්නේ. උඹලා ලැජ්ජා නැති ගැහැනු තුක් විතරක්. මම උඹල දෙන්නව අද මෙතනම ඉවර කරනවා”

ආයුධයක් හෝ පොල්ලක් අතට ගැනීමේ අරමුණින් දිවගියේ නිවසේ පිටුපස පෙදෙසට, ඒත් සමගම මෙම කාන්තාවන් දෙදෙනා අතට ලැබුනු රෙදි කැබලි මගින් විලි වසාගෙන නිවසට පිටතට දිවගියේ තම ජීවිත බේරා ගැනී‌මේ අරමුණින්.

කිසිවක් කරගත නොහැකි වූ කාන්තාවන් දෙදෙනා වහාම තමන් දන්නා කියන අසල නිවසකට ගොස් කෑ ගසා තමන්ට ඇදගැනීමට ඇදුමක් දෙන මෙන් වැදවැටී පොලීසියට ගොස් ඇත්තේ පාරෙ යන ත්‍රිරෝදක් මගින්.

එය දුටු ස්වාමිපුරුෂයා ද ඔවුන් පසුපස හඹායන විට ඔහුට දැකගත්තේ පොලීසිය ස්ථානයට මොවුන් යන ආකාරයයි.

කෙසේ වුවත් පවුල් ජීවිතයට ද තිත තැබීමේ අරමුණින් ඔහු ද පොලීසියට ගොස් සිදුවී සත්‍ය සිදුවීම මේ ආකාරයට පැහැදිලි කර තිබෙනවා.

ස්වාමිපුරුෂයා රාත්‍රී කාලයේ මුර සේවයට යන දිනවලදී පමණක් තනියට පුංචි අම්මාගේ දියණිය වන සිද්ධියට සම්බන්ධ තරුණිය කලක් තිස්සේ තමන් සමග නිදා ගන්නා බව බිරිද පොලිස් නිලධාරිනියට පවසා තිබෙනවා.

කාලයක් යනවාත් සමග එම තරුණිය දිනක් තමන්ට කළ යෝජනාවකට අකමැති වුවද ඇය බලහත්කාරයෙන් තමන් වෙත කළ ලිංගික බලපෑම් වලින් පෙළඹවීමක් සිදුවූ බවත් ඉන් පසු ස්වාමිපුරුෂයා නොමැති සෑම රාත්‍රියකම ඇය සමග ලිංගික සම්බන්ධතා පවත්වන බව ඇය විසින් පොලීසියට පවසා තිබෙනවා.

කාන්තා නිලධාරිනියන් හමුවේ ඉතාමත් ලැජ්ජාවට පත්ව මෙම සිදුවීම පැහැදිලි කළ බිරිද තම ස්වාමිපුරුෂයාගෙන් සමාව අයද සිටින බවත්, තමන්ව අතනොහරින ලෙසට ඇය පිංසිඩු වී තිබෙනවා.

මුලින්ම දැඩි කෝපය මත අකමැත්ත පල කල මෙම පුද්ගලයා පොලිස් නිලධාරිනියගේ කාරුණික කරුණු පැහැදිලි කිරීම හමුවේ ඔහු ඇයට ජීවිතේ අවසන් සමාව ලෙසට මෙම වරද ට සමාන ලබාදී තිබෙනවා.

මෙම සිදුවීම ඉන් අවසන් වුවද මුළු ගම පුරාම එම කාන්තාවන්ගේ අසම්මත ලිංගික සම්බන්දය පිළිබදව පැතිරයාම හේතුවෙන් ඔවුන්ට එම ප්‍රදේශයෙන් යාමට සිදුවිය.