Press "Enter" to skip to content

වාහන ආනයනික බදු අඩු කරන්න තීරණයක්?

වාහන ආනයනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 600-700ක් බදු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කර සිටිනවා.

නමුත් එම අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමාවන් පහළ දැමීමට මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර මෙරට ප්‍රකට පෙලේ වාහන සමාගමක් වාහන ඇනැවුම් කරන පාරිභෝගිකයන්ට විශාල වට්ටම් ලබාදීමට ආරම්භ කර තිබෙන බවද වාර්තා වනවා.

ඇතැම් වාහන වර්ග සඳහා රුපියල් ලක්ෂ දහය දක්වා වූ ඉහළ වට්ටම් මුදල් ලබාදෙමින් ඇති බවයි පැවසෙන්නේ.

ඊට හේතු වී ඇත්තේ ඔවුනගේ අපේක්ෂිත ආනයනික වාහන ප්‍රමාණයක ඇණැවුම් නොලැබීම බවයි සඳහන් වන්නේ.

රජය විසින් වාහන මත නව බදු පැනවීමට පෙර ඇණැවුම් රැසක් මෙරට වාහන ආනයනකරුවනට ලැබී තිබුණද බදු පැනවීමත් සමග එම පෙර ඇණැවුම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර බොහෝ ආනයනකරුවන් වාහන ගෙන්වීමේදී පෙර ඇණැවුම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් පෙන්වමින් ඇති අතර ගෙන්වා අලෙවි කිරීම සදහා නව රෙගුලාසි යටතේ එතරම් උනන්දුවක් නොපෙන්වෙයි.

More from GossipMore posts in Gossip »