විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.
එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
එලෙස විදේශ ප්‍රේෂණ වැඩිවීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වී ඇති බවද පවසා ඇත.
විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවිය.
එහිදී අදාළ ශ්‍රමිකයා විසින් මෙරට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන CFI වටිනාකමක් සහිත විද්‍යුත් වාහන ගෙනෙවීම සඳහා එමගින් අවසර හිමිවිය.
එසේම අදාළ විද්‍යුත් වාහන ගෙන්වීමේදී ගෙවිය යුතුවන බදු මුදල් විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් ගෙවීමද සිදුකළ යුතු විය.
වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම වැඩපිළිවෙල සඳහා විදෙස් ශ්‍රමිකයින්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බවය.
Published in Gossip