Press "Enter" to skip to content

ගමක් කැළඹූ අනියම් ඇසුරක අවසන් ප්‍රතිඵලය

සර් මාව හිරේ දාන්න කමක් නෑ.. මම අදාළ කෙනාට දෙන්න වුවමනා උපරිම දඬුවම දුන්නා.. මම ඔය හැ**රිට නොකරපු දෙයක් නෑ සර්..

ඉල්ලන හැමදේම අරන් දුන්නා. ඒකි ලස්සනට ඉන්න ආස නිසාම මම ණයට සල්ලි අරන් ඒකිව සැලූන් ගානේ යැවුවේ.. අන්තිමට මේකි….”

ඒ කොල්ලාගේ ඇඟ හිරිවැටෙන හඬ, පාපොච්චාරණය..

මීට අවුරුදු කීපයකට කලින් අනුරාධපුර ග්‍රාමයේ එක්තරා පෙදෙස සිදුවූ අනුවේදනීය පුවතක්..

“සර් මමයි ගෑනියි යාලුවෙලා බැන්ඳේ. ඔය ගෑනි යාලුකරගන්න මම මාර කට්ටක් කෑවේ.. ඒක හරිම අමාරු වුණා. ඒත් අන්තිමට මම ඒකිව මගේ කරගත්තා. ඒක ගොඩක් උන්ට බලන් ඉන්න බැරිවුණා. ඒත් මම මගේ ගෑනිව හුඟක් විශ්වාස කළා…”

“ගෑනි හරි ලස්සනයි සර්.. ගමම වශි වෙලා හිටියේ ඒකිට. මම විතරක් නෙවෙයි, හුඟක් උන් අයිතිකරගන්න බැරිව ලත වෙවි හිටිය‍ේ.. සර් මගේ යාලුවා සමීර. ඌයි මායි එකට වැඩ කළේ. අපි දෙන්නා පට්ටම යාලුවෝ‍. හැමදේම බෙදා හදාගත්තෙ එකට. ඒත් මම දැනන් හිටියේ නෑ ඌ මටත් හොරෙන් මම නැති වෙලාවට මගේ ගෑනිවත් හොරෙන් බෙදාගන්න බව..”

“වැඩේ කියන්නෙ ගෑනි කවදාවත් සමීර ගැන හොඳක් කිව්වේ නෑ. බනින එකමයි කළේ. ඒ නිසා සැකයකුත් නෑ. සමීර ගෙදර එනකොටත්, ‘අපෝ අන්න අරූ එනවා’ කියලා හූල්ලනවා. මම බනිනවත් එක්ක. පස්සෙ තමා තේරුණේ මේකි අකැමැත්ත පෙන්නුවට හිත යට කැමැත්ත තිබිලා. මට පේන්න අර විදිහට රඟපානවා..”

“එදා හැමදේම මට අහුවුණා. මම ගිය වැඩේ භාගෙට දාලා ආවේ නෝට් පොතක් අමතක වෙලා. ඒ එද්දි ගෑනි නෑ.. බාත්රූම් එක තිබ්බෙ එළියෙන්. ඒක ඇටෑච් බාත්රූම් එකක් නෙවෙයි. එළියේ තිබ්බෙ. ටකරම් වලින් වට කරවලා. ඒත් එදා ඇහුණු සද්ද අමුතුයි. කලබලේට මම ටකරමක් අයින් කළා. දෙයියනේ… ඒ මගේ ගෑනි සර්.. ගෑනි එක්ක අමු හෙලුවෙන් හිටියේ සමීරයා. ගෑනි භාගෙට ඇඳන් හිටපු ගවුමත් මම අරන් දීපූ එකක්..”

“සර් මට ඉවසීම නැතිවුණා. සමීරයා අමු හෙලුවෙන් දිවුවා. මම මගේ අතට අහුවුණ අලවංගුවෙන් ගෑනිට දමලා ගැහුවා. ඒකි කොච්චර වැන්ඳත් මට අනුකම්පාවක් දැණුනේ නෑ. මට හිතුණේ මේකි තවත් ජීවත් වෙන්න හොඳ නෑ කියලා විතරයි… ඇත්තටම එච්චරයි සර්…”

“මට ලැබෙන දඬුවම මොකක් වුණත් මම ඒක භාරගන්නවා සර්..”