තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වමින් ඇගේ නිරුවත් පින්තූර සමාජ ජාල ඔස්සේ බෙදාහැරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා ලද භික්ෂුවකට අධිකරණය විසින් දඬුවම් නියම කර තිබේ.
ගාල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකගේ නිරුවත් පින්තූර බෙදාහැරීම සම්බන්ධයෙන් මෙසේ දඬුවම් නියම කර ඇත්තේ කළුතර පයාගල මලේගොඩ පිහිටි විහාරස්ථානයක වැඩවෙසෙන 26 හැවිරිදි හිමිනමකටයි.
එම හිමිනමට බරපතළ වැඩ සහිතව මාස හයක සිර දඩුවම් නියම කර එම දඬුවම් වසර පහකට අධිකරණය විසින් අත්හිටුවා තිබේ.
අදාල තරුණිය විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබුණේ සමාජ ජාල ඔස්සේ මෙම භික්ෂුව හඳුනාගන්නා ලද බවත් භික්ෂුවක් බව හඟවමින් තමන් ආශ්‍රය කරන ලද බවත්ය.
Published in Gossip
More from GossipMore posts in Gossip »