ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකු බවට පත් වීම සඳහා ජපන් යෙන් මිලියන 2 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් ) වියදම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
බල්ලකු වීම ඔහුගේ ජීවිතයේ තිබූ එක් සිහිනයක් බව ටෝකෝ පවසා ඇත.
ටෝකෝ ගේ එම සිහිනය සැබෑ කරගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබේ.එම සමාගම දින 40 ක් තුළ ඔහු වෙනුවෙන් සැබෑ බලු ඇඳුමක් නිර්මාණය කර තිබේ.
ටෝකෝ ‘ මට සත්වයකු වීමට උවමනායි’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන අතර එම නාලිකාවට ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්,මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් උඩුගත කර ඇත.එම වීඩියෝව මිලියනයක් නරඹා ඇත.


Published in Gossip
More from GossipMore posts in Gossip »