තාවකාලිකව ආනයන තහනම් පනවා තිබූ වාහන අමතර කොටස් සියල්ල මේ වන විට එම තහනම ඉවත්කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
ඊයේ දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් එම අමතර කොටස් තහනම මුළුමනින්ම ඉවත් කර ඇති බවද හෙතෙම පැවසීය.දැනට පවතින විදේශ සංචිත වල තත්වය සලකා බලා මහබැංකුවේද නිර්දේශ මත ඉදිරියේ දී වාහන ආනයනය කිරීම ගැන ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියි.ඒ අනුව පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන, කර්මාන්ත අවශ්‍යතාවට භාවිතාවන වාහන, පොදු ප්‍රවාහන සේවයට විකල්ප ලෙස භාවිතා වාහන හා යතුරු පැදි සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් සලකා බැලීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් වාහන වාහනයක් ආනයනය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රටේ පවතින විදේශ සංචිත තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් තීන්දුවක් ගැනීමට සිදුවී ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
වාහන ආනයනය ගැන පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
Published in Gossip