Press "Enter" to skip to content

අඟුරුවාතොට මව – දියණියයි මරා කැලයට විසි කරලා

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය.

ඇගේ සැමියා රැකියාවට ගොස් පැමිණි බිරිය සහ දරුවා නිවසේ නොසිටි බවට ඔහු පොලිසියට පැමිණිලි කළේය.

ඝාතනය ලක් වූ කත පාවිච්චි කළ ඇගේ තුවාය ද ඇයගේ සිරුර මත තිබූ බව පොලිසිය පවසයි. මවගේ උදරය ප්‍රදේශය කබරයි විසින් කා දා ඇති අතර ඇගේ දියණියගේ සිරුර මවගේ සිරුර තිබූ ස්ථානයේ සිට මදක් දුරට වන්නට තිබියදි සොයාගෙන ඇත. ඇගේ මුහුණ ප්‍රදේශයට කබරයි විසින් හානි කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගත් සැමියාගේ ළඟම ඥාතියා මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන් ව ඇතැයි පොලිසිය කියයි. ඔහු සොයා මේ වන විට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.