Press "Enter" to skip to content

මේකෙ වැරැද්දක් නෑ ළමයෝ… අපි අදත් යමු ද ?… බොළඳ ගුරුවරයෙක්ගේ අනියම් පෙම පත්තු වී පෙම්වතියට සිදුවූ දේ

කැම්පස් වල ලව් කියන ඒවා සාමාන්‍යයි.
හැබැයි ඔය ගුරුවරු ශිෂ්‍යයෝ අතර වෙන ලව් අසාමාන්‍යයි.
ඒ කියන්නෙ ඒක හැම තැනකම වෙන දෙයක්…
ටිකක් හිරිකිතයි, අප්පිරියයි වුණාට ගොඩක් ගුරුවරු, මහාචාර්යවරු
බොළඳ ජීවිත ගත කරන්නේ තරුණ කෙල්ලො ළඟ….

මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච සූසයිඩ් කේස් එකක්..
මැරිලා හිටියේ ප්‍රයිවට් කැම්පස් එකක කෙල්ලෙක්.

මාරම ලස්සන කෙල්ලෙක්…
පරීක්ෂණේ ඉවර වුණත්, ඒ මරණේ වතගොත යට ගියා.
මොකද අරූ පගාව දීලා කේස් එක වැහුවා.

අන්තිමට කතාව ගියේ කෙල්ල විභාග පේෂර් එක හින්ද
ජීවිතේ නැති කරගත්තා කියලා.
ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි…

මේ කෙල්ල අනුරාධපුර හරි පොළොන්නරු හරි පැත්තෙ
ඉඳන් කොළඹ ආපු කෙල්ලෙක්. තාත්තා කන්ට්‍රැක් මොන හරි
කරන කෙනෙක්. මිනිහා ලක්ෂ ගාණක් වියදම් කරලා තමයි
මේකිව කැම්පස් දාලා තියෙන්නේ.

එහේදී ඒකේ හිටපු සර්කාරයෙක් එක්ක පැටලිලා.
ඒ යකාට අවුරුදු 50ත් පැනලලූ. මට ඔය කතාව කිව්වේ,
කැම්පස් එකේම කෙල්ලෙක්..

“අයියේ ඒ කෙල්ලව හැමදාම ඌ හොටෙල් ගානේ
ගෙන්න ගන්නවා. ට්‍රිප් යනවා සති ගණන්.. මාර සැළකිලි.
අපේ නැවතිලා හිටපු තැන උන් ඔය රහස් සම්බන්ධෙ ගැන
දැනන් හිටියා..හැබැයි කවුරුත් ඕක ඉතින් ප්‍රසිද්ධියේ කියන්න
ගියේ නෑ. මොකද ඒක ඉතින් පර්සනල් දෙයක්නේ අයියේ…”

“මට මතකයි ඌ ලියපු ලියුමකුත් අපිට අහුවුණා දවසක්,
ඒකිගේ පොත් අස්සේ තිබිලා. අපි ඉතින් හොරෙන් කියවලා
ආතල් එකක් ගත්තා..”

‘ඔයාගේ සුවඳ මාව පිස්සු වට්ටනවා පණ..
වයිෆ් ළඟ නොදැනෙන ඔයාගේ මැජික් එක මොකද්ද ?
මේක වැරැද්දක් නෙවෙයි පැටියෝ… අපි අදත් නිදහස්
තැනකට යමු! හැමදේම විඳගමු.. හැමදේම
ශෙයා කරගමු.. මට ඔයා ළඟට එන්න බෑ. ඒත් මෙහෙම ඉමු !
එයා අනිවාර්යෙන්ම හොඳ තැනකට යන්න ඕනි.
හොඳ කසාදයක් බඳින්න ඕනි. හැබැයි ඔයාගේ ශරීරය
අයිති මට. ඒකේ අයිතිකාරයා මම..”

“මාව නිකන්වත් අතරින්න හිතන්න එපා,
මට ඔයා නැතුව ඉන්න බෑ පැටියෝ.. මම පිස්සුවෙන්ම
ඔයාට ආදරෙයි.. ඔයා ගියොත් ඇත්තමයි…
පිස්සෙක් වෙයි මම..
ඔයා ගාව මං හරි බොළඳයි..’

“ඔන්න ඔය වගේ වචන ටිකක් තමා තිිබුණේ,
ඒත් ඒ ආදර කතාව අවසන් වුණේ මරණෙකින්.
අර කෙල්ල ජීවිතේ නැතිකරගත්තා.
අපිට ආරංචි වුණු හැටියට නම් අර සර්කාරයාගේ
වයිෆ් කෙල්ලට බැනලා, ගහන්නත් ගිහින්..
සර් මේකිව මඟ ඇරලා.. මේකිට ගොඩක් අවුලින්
හිටියේ දවස් ගාණක්.. ගෙදර යනවා කියලා ගියේ එදා..”

“ඒත් යන ගමන් මේකි කෝච්චියට පැනලා.
පව් අයියේ…. බොළද තීරණ.. ඉක්මන් තීරණ..
ජිවිත ගොඩක් ඉක්මනට වෙනස් කරනවා..
අදටත් මට දුකයි ඒ කෙල්ල ගැන…”