අත්තනගළු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යද්දී ලිස්සා වැටී දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන් වී ඇත්තේ කොළඹ පිටකොටුව ගුණසිංහපුර මහල් නිවාස පදිංචිව සිටි ෆාතිමා ෆස්නා 20 නමැති තරුණියක්බව ද පොලිසිය සඳහන් කරයි. ඇය පිටකොටුවේ පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කර ඇතැයි ද හෙලි වී තිබේ
ගුණසිංහපුරයේ වෙසෙන පිරිසක් ඔවුන්ගේ ඥාතීන් වෙසෙන තිහාරිය නිවසකට ඊයේ දහවල් පැමිණ ඇති බවත් මෙම තරුණිය ද එම පිරිස සමග පැමිණි ආගන්තුක තරුනියක බව හෙලිවී ඇත
මෙම තරුණිය ඇතුළු හත් දෙනකු ඊයේ 2 පස්වරුවේ අත්තනගලු ඔයේ දියනෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම තරුණිය ගල්තලාවක් මත සිට ලිස්සා ඇද වැටී ඇතැයි හෙළි වී තිබේ
තමන් පිහිනීමට නොදන්නා බව කියමින් බේරා ගන්නැයි ඇය කෑ ගසද්දී ම දියේ ගිලී ගසා ගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත
ප්‍රදේශවාසීන් හා එක්ව පොලිසිය තරුණිය සොයා ගැනීමට අද (03 ) පස්වරු වන තුරුම උත්සහ ගත්තත් පලක් පලක් වී නැත.
නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා තරුණිය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කෙරෙන බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි
Published in Gossip