ප්‍රේම සම්බන්ධතාව බිඳීයෑම නිසා සිත්තැවුලට පත් වූ පෙම්වතකු පාසල් ගුරුවරියක වන පෙම්වතියගේ ගෙල කපා ඊයේ (14) දහවල් ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ මාතර, ඌරුබොක්ක, දොළමුල්ල දම්පාවිල මහා විද්‍යාලයේ සිතාරා මදුමාලී නමැති විසිහය හැවිරිදි ගුරුවරියකි.
ඝාතනය සිදුකළ බව කියන තිස්හැවිරිදි සැකකරු පසුව කොස්ගහකට නැග සියදිවි නසාගැනීමට තැත්කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.
පාසල නිම වී දහවල් 1.45ට පමණ ගුරුවරිය පාසල ආසන්නයේම පිහිටි නිවස කරා ගොස් ඇත්තේ පාගමනිනි. පාළු ප්‍රදේශයකදී පිටුපස ලුහුබැඳ ආ සැකකාර පෙම්වතා මුලින්ම ඇයට පිහියෙන් ඇන ගෙල කපා මරාදමා තිබූ බව ද පොලිසිය පැවසීය.
පිහි පහර වැදී ලේ විලක් මැද වැටි සිටි ගුරුවරිය රෝහල වෙත ගෙනයන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මියගොස් සිටින පාසල් ගුරුවරිය පාසල් යන කාලයේ සිට තරුණයකු සමග පෙමින් බැඳීසිට ඇති අතර එම තරුණයා මැයගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් පවා ගෙවමින් වසර දහයක් පමණ ප්‍රේමවන්තයන් ලෙස සිට ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ටික දිනක සිට සිය පෙම්වතිය අදාළ සැකකාර තරුණයා මඟහැර යෑමට පටන් ගැනීම නිසා දෙදෙනා අතර යම් යම් අමනාපකම් හා අඬදබර ඇති වී තිබූ බව ද හෙළි වී තිබේ.
hirugossip
Published in Gossip