Press "Enter" to skip to content

වාහන ආනයනය ගැන යෝජනාවක්

වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි සඳහන් කළේ,

“ජනාධිපතිතුමා ජපානයේ ගිය වෙලාවේ අපේ අපනයනකරුවන් හමුවෙලා කියලා තිබ්බා. තව ටික කාලයකට වාහන ගේන්න අමාරුයි කියලා. තව විසඳන්න ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා කියලා. “

“මේ ක්ෂේත්‍රයේ දැනුම තිබෙන්නේ අපිට. අපිට පුළුවන් මේක කරන්න. ඩොලර් යන්නේ නැතුව ජපානයෙන් අපිට ණය අරගෙන කරන්න පුළුවන්. අලුත් වාහනයකින් 70%ක් අඩුවෙන් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවේ දැන් තිබෙන VITZ කාර් එකක් ජපානයෙන් අපිට ගන්න පුළුවන් 2017 එකක් ලක්ෂ 10ක් 12කට විතර. ඒ වගේ වාහනයක් අපිට මෙහෙ සාධාරණ මිලකට දෙන්න පුළුවන්.”

කෙසේවෙතත් 78% කින් අධිප්‍රමාණය වූ ඩොලරය 20% කින් පමණක් අවප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ රථවාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.