Press "Enter" to skip to content

ඉන්ධන මිල ඉහළ දැමීමට සෞදි අරාබිය ඇතුළු රටවල් බොර තෙල් නිෂ්පාදනය කපා හරී

දිනෙන් දින පහළ යමින් පවතින ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිෂ්පාදනය අඛණ්ඩව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට ඉන්ධන නිෂ්පාදන රටවල් එකඟතාවකට පැමිණ තිබේ.

සෞදි අරාබිය පැවසුවේ, ජූලි මාසයේදී දෛනිකව ඉන්ධන බැරල් මිලියනයක් කපා හැරීමට තීරණය කර ඇති බව ය.

2024 වන විට දෛනිකව කපා හැරෙන ඉන්ධන බැරල් සංඛ්‍යාව මිලියන 1.4 දක්වා ඉහළ යනු ඇතැයි ඔපෙක් සංවිධානය පවසයි.

මේ අනුව, ඉන්ධන නිෂ්පාදනයෙන් 40%ක් පමණ අඩු වනු ඇති අතර එය ඉන්ධන මිල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ තත්ත්වය යටතේ අද දිනයේදී බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 2.4%කින් ඉහළ ගිය අතර එහි මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 77ක් ලෙස ය.

SOURCE – MAWBIMA.LK