Press "Enter" to skip to content

ජංගම දුරකථනවල මිල අඩුවෙන්නේ මෙහෙමයි

ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා,

“හැමෝම දන්නවා දැන් ඩොලරය අඩුවෙලා තියෙනවා. ඉතින් අපි සියයට 20කින් ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංගවල මිල අඩුකරන්න තීරණය කළා, මොකද අපි ජනතාව පිටට බර දැම්මා වගේම තමයි, ජනතාවට දීපු බර ඩොලර් එක අඩුවෙද්දී අඩුකරන්න ඕන. එහෙම නැත්නම් ඒක අයථා ව්‍යාපාරයක් වෙනවා. යාපනයේ ඉඳලා මාතර දක්වා සැළකිය යුතු සාමාජිකයින් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ මිල අඩුකිරීමට.”