Press "Enter" to skip to content

සුද්ධෝදනගේ පොඩි එකා ගැන කියූ මෝඩාභිමානයේ නතාෂා සමාව ඉල්ලයි!

බෝධිසත්ව චරිතයට සහ බුදුදහමට නින්දා වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට බඳුන්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවක තමන් කියූ දේ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා, ඒ සම්බන්ධව පළකර තිබූ වීඩියෝ ඉවත්කර ගෙන තිබේ.

ඇය පසුගිය කාලයේ විවිධ ආකාරයේ විකට කතාබස් ඉදිරිපත් කරන්නියක ලෙස ප්‍රකටව සිටි ශිල්පිණියකි.

අප්‍රේල් 01 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි කලම්බු කොමඩි සෙන්ට්‍රල් නමැති යූටියුබ් නාලිකාව මෝඩාභිමානය නම් ප්‍රසංගයක් පැවැත් වූ අතර, එහිදී නතාෂා එදිරිසූරිය සිදුකළ ඉදිරිපත් කිරීමේදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇය විසින් පවසා තිබිණි.

කෙසේ වෙතත් අන්තර්ජාලය වෙත එම වීඩියෝව මුදහැරීමෙන් පසු ඇය කළ ප්‍රකාශය විවේචනයට බඳුන්වන්නේ මාස එකහමාරකට පමණ පසුවය.

‘මෝඩාභිමානි‘ විකට ප්‍රසංගයේදී ඇය මෙසේ කියා තිබුණි.

“අර සුද්ධෝදනගේ ළමයා ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිදිනවා. අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියලා. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුනු දවසේ කියලා නැහැ දැන්මම තීරණය කරලා තියෙන්නේ එයා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා. බෞද්ධ බාලිකාව කියන්නේ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිෂ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙට එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියෝ විදිහටම තියාගන්න වගබලාගන්න එක තමයි බෞද්ධ බාලිකාවක් කියන්නේ. මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඒගොල්ලෝ පිපිරිලා, දිවි නසාගෙන මැරුනහම ඒගොල්ලන්ට කන්‍යාවියෝ හැත්තෑ දෙකක් හම්බවෙනවනේ.

ඉතින් ඒකෙන් වැඩි කෝටා එකක් කරන්නේ බෞද්ධ පාසල්. ඉතුරු කෝටා එක කන්‍යාරාමයේ. සහජීවනය වෙනුවෙන් කන්‍යාවියන්. මෙතන කෝල ගර්ල්ස්ලා ඉන්නවද?

අපේ ඉස්කෝලෙට ගිය හුඟක් අය දැන් කෝල ගර්ල්ස්ලා. මොකද ඉස්කෝලෙට ආව දවසේ ඉඳන් බිම බලාගෙන ඇවිදින්න. ගවුම හදාගෙන වාඩිවෙන්න. කනට ඇහෙන්නේ නැති වෙන්න කතා කරන්න. කොක් හඬ නගන්නේ නැතුව හිනා වෙන්න. ඕවා අහල අහලම ඉස්කෝලෙන් අයින් වෙද්දි හුඟක් අය කෝල ගර්ල්ස්ලා වෙලා. හරිම කෝලයි. සබකෝලයි. අඩුම තරමේ කනට ඇහෙන්න කෙඳිරි ගාන්නෙවත් නෑ. හයියෙන් කියන්න එක දෙයයි. හෑයියා. ඕන දේකට හෑයියා කියන්න ඔටෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.අපේ ඉංග්‍රීසි මිස්ට බබෙක් හම්බෙන්න ඉන්නවා. හෑයියා. ඊයේ බස් එකේදි අයියා කෙනෙක් මට ඇහැක් ගැහුවා. හෑයියා. බෞද්ධ බාලිකාවටද ගියේ?”

ඇයගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.

source – mawratanews.lk