සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි එච්.එම්.දිල්රුක්ෂි නමැති කාන්තාවක් සෞදි අරාබියේදී රැකියාවකට ගොස් අතරමංවී ඇතැයි පවුලේ ඥාතීන් පවසනවා.
ඇය විසින් එවන ලද වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබුණා.
එච්.එම්. දිල්රුක්ෂි මෙසේ අදහස් දක්වා සිටියා.
“20ක් 30ක් විතර එකම කාමරයක දාලා. කන්නවත් දෙන්නෑ. දවස ගානේ අරන් ගිහින් එක එක තැන්වලට විකුණලා..පැය 6යේ 7තේ වැඩ කරවගන්නවා. සල්ලි දෙන්නේ නැහැ. සල්ලි ඒජන්සියේ මැඩම් ගන්නවා. පෝලිමේ තියලා ලංකාවේ කාන්තාවන්ව මුන් විකුණනවා. 19,500යි සෙකන්ඩ් හෑන්ඩ්. අලුත් එව්වු 30,000යි කියලා උන් ගණන් කියනවා. අනේ මොකක් හරි කරන්න.”
ඇය දරුවන් 4 දෙනෙකුගේ මවක්.
දිල්රුක්ෂිගේ සැමියා වන චමිල්සිරි නන්ද තම බිරිඳ ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසට අද කතරගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
Published in Gossip
More from GossipMore posts in Gossip »