කළුතර ටිහාරාගේ ඛේදවාචකයේ උණුසුම යාමටත් පෙර කළුතර ප්‍රදේශයෙන් තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වේ.
ඒ කළුතර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරවලට පත් කර ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකි.
එම ගුරුවරයා විසින් දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් ඔහුගේ මෝටර් රථයේ දැරියන්ව පාළු ස්ථානයකට රැගෙන ගොස් ලිංගික හිරිහැර කර ඇති බවට වාර්තා වී තිබේ.
එමෙන්ම එම ගුරුවරයා සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීමට කටයුතු කර දෙමව්පියන් නොමැති අවස්ථාවලදී දැරියන් නිරුවත් කර එම දර්ශන පටිගතකර ඇති බව පැවසේ.
මෙසේ පටිගත කරන ලද දර්ශන සැකකාර ගුරුවරයාගේ ලැප්ටොප් පරිගණකයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසු වීමත් සමඟ මෙම අපයෝජන හෙළිව ඇති අතර බිරිඳ විසින් අදාළ දරුවන්ගේ දෙමව්පියන්ට මේ බව පැවසීමත් සමඟ ඔවුන් පොලීසියට පැමිණිලි කොට තිබේ.
Published in Gossip