Press "Enter" to skip to content

ෂොට් එක දාලා මස් මාළු කන අයට අසුබ ආරංචියක්..

රට පුරා සුරාසැල් සහ මස් මාළු වෙළඳසැල් දින තුනක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙසක් පොහොය දිනය යෙදී ඇති 05 වනදාත් ඊට පසු දෙදිනත්(06 සහ 07 වෙනිදා) මෙසේ සුරාසැල් සහ මස් මාළු අලෙවි සැල් වසා තබා තැබෙනු ඇති.

ඒ අනුව ඉදිරි 05, 06, 07 තෙදින තුලම සුරාසැල් සහ මස් මාංශ අලෙවි සැල් වසා තැබේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මෙම අදහස් පල කළා.

මේ අතර වෙසෙක් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ. ඒ අනුව හෙට සහ අනිද්දා යන දින දෙක තුළ සිරකරුවන් සදහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්ත්තමේන්තුව සඳහන් කළේය.