Press "Enter" to skip to content

රෝහලේදී ගෙල කපා තරුණයෙක් ඝාතනයට අඹුසැමි යුවලක් අල්ලයි

මැදවච්චියේ හෙරෝයින් ජාවාරම් කරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව ප්‍රථිකාර ලබමින් සිටි තරුණයෙකු පසුගිය (28) වැනිදා අලුයම රෝහල් ඇද තුලම ගෙල හා පාදයක් කපා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ යැයි කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01) සවස අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචි, 27 හැවිරිදි , ජයරත්නගේ මධුසංඛ ජයරත්න නොහොත් මලා නැමති අනුවර්තන නාමයෙන් හැදින්වෙන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිද වන 23 හැවැරිදි කාන්තාවකි.

ඝාතනයට ලක්වූයේ මැදවච්චිය, අංක 15, මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවැරිදි පිංචාබදු වික්‍රමසිංහගේ රුවන් ගීත් උදිත නැමැති තරුණයෙකි. ප්‍රේම සම්බන්ධයක් මුල් කර ගනිමින් මැදවච්චියේ ප්‍රබල හෙරෝයින් ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය(26) වෙනිදා මෙම ගැටුම හටගෙන තිබුණි.

එහි විමර්ශෙන කටයුතු අනුරාධපුර පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් හා මැදවච්චිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද පොලිසිය පැවැසීය. සැකකරුවන් අද (02) මැදවච්චිය මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.