Press "Enter" to skip to content

මැංගුස් වලිය වගේද IPL වලිය.. ඊයේ IPL තරගයක් අතරතුර සුපිරි ක්‍රීඩකයින්ගේ වලියෙන් පිටිය රත්වෙයි.. දෙන්නටම ලක්ෂ ගණනක දඩයක්..

අයි.පී.එල්. පිටියේ ඊයේ (01) රාත්‍රියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළේ සුපිරි පිතිකරු විරාට් කෝලි සහ ලක්නව් සුපර් ජයන්ට් පිළේ උපදේශක ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර් අතර ඇති වූ උණුසුම් තත්ත්වය මේ වනවිට ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක් මතුව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

තත්ත්වය එසේ තිබිය දී මෙම මත ගැටුමට සම්බන්ධ වූ විරාට් කෝලි සහ ගෞතම් ගාම්භීර්ට දැඩි දඬුවම් පනවන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව ලක්නව් සුපර් ජයන්ට් උපදේශක ගෞතම් ගාම්භීර්ට සහ බැංගලෝර් පිළේ සුපිරි පිතිකරු විරාට් කෝලිට දඩ මුදල් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

අයි.පී.එල්. චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ දෙවන මට්ටමේ වරදක් කළ බවට ගාම්භීර් පිළිගෙන ඇති අතර ඒ අනුව ඔහුට එම තරගය සඳහා ලැබෙන සම්පූර්ණ තරග ගාස්තුව දඩ මුදලක් ලෙස අයකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම විරාට් කෝලි ද අයි.පී.එල්. චර්යාධර්ම සංග්‍රහයේ එම වරදම සිදුකර ඇති බවට පිළිගෙන ඇති අතර, ඔහුගෙන් ද සම්පූර්ණ තරග ගාස්තුව දඩයක් වශයෙන් අයකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ පැවති තරගයේදී අයි.පී.එල් ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම කර තිබෙනවා.

https://youtu.be/jw4HaPvSo68
https://youtu.be/3N5Ev3OhQWw