කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
“ගිය සැරේ රුපියල් 1005කින් ගෑස් මිල අඩු කළා. හෙට දිනයේ අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් රුපියල් 100කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්න. ඒ ගැන නිල නිවේදනය අපි හෙට උදෑසන නිකුත් කරනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේක කරන්න තමා අපේ බලාපොරොත්තුව. පොඩි සිලින්ඩර දෙකේ මිලත් එයට සාපේක්ෂව අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.”
-අද දෙරණ
Published in Gossip
More from GossipMore posts in Gossip »